(සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහන සඳහා කරුණු ඉදිරිපත් කිරීම සහ මගේ පුද්ගලික බාවිතය, පහසුව පිණිස මා විසින් නිර්මාණය කරණ ලද අඩවියකි. වැඩි විස්තර දැනගැනිමට අවශ්‍ය නම් මෙම පිටුවේ පහත දැක්වෙන ආයතනික වෙබ් අඩවිය වෙත පිවිසිමට තබා ඇති ලින් එක කරුණාකර භාවිතා කරන්න.)
පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත වූ ඔබට
රාජ්‍ය අංශයේ පූර්ණ වගකිම සහිත විශ්‍රාම වැටුප් ක්‍රමයක්
මහත්මයාණෙනි /
මහත්මියනි / මෙනවියනි,
පෞද්ගලික අංශයේ රැකියා
ලාභින් සඳහා රාජ්‍ය අංශයෙන් විශ්‍රාම වැටුපක්
1996 අංක 17
දරණ සමාජ ආරක්ෂණ මණ්ඩල පනත මඟින් හා 1999 අංක 33 දරණ සමාජ ආරක්ෂණ මණ්ඩල (සංසෝධිත)
පනත මඟින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂාව සහිතව ස්ථාපිතව ක්‍රියාත්මක වන ශ්‍රී
ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහත සඳහන් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ
යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ආයතනය මහා භාණ්ඩාගාරයේ අධික්ෂණය යටතේ
ශක්තිමත් මූල්‍ය අරමුදලක් සහිතව ක්‍රියාත්මක වේ.
මෙම ආයතනය විසින් විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති රැකියාවන්හි නියුතු පුද්ගලයින් වෙත ඔවුන්ගේ වැඩිහිටි අවධිය
(අවු 60න්
පසු) ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරිම සඳහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
හඳුන්වාදී ඇත.
දැනටමත්
දිවයින පුරා ක්‍රියාත්මක වන්නා වු මෙම වැඩසටහන වෙත මේවනවිට 850,000 ට වඩා
වැඩි පිරිසක් දායකත්වය ලබා ඇති අතර දැනට විශ්‍රාම ප්‍රතිලාභ ලබන්නන්ගේ සංඛ්‍යාව 35,000
ඉක්මවා සිටී.
මෙවැනි වැඩසටහන් පවත්වා මෙම විශ්‍රාම වැටුප්
ක්‍රමය වෙත රැකියා ලාභී පුද්ගලයින් බඳවා ගැනීම පිණිස මෙම වැටසටහන වෙත මා අනුයුක්ත කරන ලද ලිපියේ පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. (ඇමුණුම් 01)
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ
හඳුන්වා දිම පිණිස ආයතනය විසින් නිකුත් කරන ලද විස්තර පත්‍රිකා දෙකක් ද මේ සමග ඔබ
වෙත යොමුකරමි. (ඇමුණුම් 02 සහ ඇමුණුම 03)
මහත්මයාණෙනි
මහත්මියනි මෙනවියනි ඉහත කරුණු සලකා බලා මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය තවදුරටත්
පැහැදිළි කිරීම සඳහා අවස්ථාවක් මා වෙත ලබා දෙනු ඇතැයි කාරුණිකව අපේක්ෂා කර සිටිමි.
මෙයට
කේ.ජී.කේ.පෙරේරා
(ජ්‍යෙෂ්ඨ
සමාජ ආරක්ෂණ නිලධාරී)
වට්ස්ඇප් අංකය
: 0711669927
දුරකථන අංක : 0711669927
- 0777323164

No comments:
Post a Comment